Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2019 16:43:12 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මානව සම්පත් වෘත්තිකයින් අමතයි

මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකාවේ මානව සම්පත් වෘත්තිකයින්ගේ ප්‍රමිතින් නඟා සිටුවීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉකුත් සදුදා (27) දින පැවති විශේෂ සාකච්ඡාවේ ප්‍රධාන දේශණය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පවත්වනු ලැබිණි.

ජාතික අර්බුදකාරි අවස්ථාවක ජනතා නායකත්වයේ භූමිකාව යන මාතෘකාව යටතේ ජාතික අර්බුදයක ආයතනික කාර්යභාරය පිළිබඳව දේශනයක් පැවැත්වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමය විසින් ආරාධනා කරන ලදි.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, වර්ථමාන ආරක්‍ෂක තත්ත්වය සහ මෑත වකවානුවේදී ප්‍රචණ්ඩකාරී නැගිසිටීම්වලදී සමස්ථ පාලනයේ බලපෑම පාලනය කිරීම හා එහි ක්‍රියාකාරීත්වය මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් ඉතා කෙටි කාලසීමාවක් තුළදී තම වගකීම ඉටුකරලීම වෙනුවෙන් අදාළ ස්ථානයන්හි ස්ථානගත වු අන්දම මෙම අවස්ථාවේදී ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කලහ. තවද එතුමන් පැවසු පරිදි සන්නද්ධ හමුදාවන් විසින් පොලිසියේ ද සහයෝගය මත ඉතා කෙටිකාලසීමාවක් තුළ එල්ල වු අභියෝගයනට ප්‍රතිචාර දක්වමින් අත්අඩංගුවට ගැනීම් සහ සෝදිසි කිරීම් සිදු කිරිමත් සමඟ අදාල ප්‍රචණ්ඩකාරි සිදුවීම් මැඩලීමට හැකි වු බව ද එහිදි වැඩිදුරටත් අනාවරණය විය.

ජාතික අර්බුදකාරි තත්ත්වයකදී මානව සම්පත් කළමණාකරුවන්ගේ භූමිකාව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු යුද්ධ හමුදාධිපතිවරයා පවසා සිටියේ සේවක ප්‍රජාවන් සම්බන්ධ කෙරෙන සජීවී රැහැන් බඳූ වු මානව සම්පත් කළමණාකරුවන් ආකර්ෂණිය අයුරින් සිය වගකීම් ඉටුකළ යුතු බවත් මෙවන් අර්බුදකාරි සන්දර්භයක් තුල ඊට අවශ්‍ය පිළියම් යෙදීම වෙනුවෙන් අවශ්‍ය විධිවිධාන වඩාත් කාර්යක්‍ෂම අයුරින් සිදුකළ හැකි බවත් පවසා සිටියේය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු යුද්ධ හමුදාධිපතිතුමන් මානව සම්පත් වෘත්තිකයන් හට ජාතික අර්බුධකාරි අවස්ථාවක මහජනතාවගේ ජිවිත ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් ඉතා වැදගත් කාර්යභාරයක් පැවරි ඇති බවත් එම කටයුතු ඉටු කිරිමේදී අතීතයෙන් උගත් පාඩම් තුළින් මෙන්ම නායකත්වය තුළින් එම කර්ත්‍යවයන් වඩාත් කාර්යක්‍ෂම අයුරින් ඉටු කිරිමට හැකියාව ඇති බවද පෙන්වා දෙන ලදි.

මෙම උත්සව අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පිළිගැනිම වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් සමුහ ව්‍යාපාරයේ ප්‍රධාන මහජන සම්බන්ධතා නිලධාරී ඉෂාන් දන්තනාරායන මහතා විසින් සිදුකරන ලද අතර කොමර්ෂල් බැංකුවේ මානව සම්පත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඉසුරු තිලකවර්ධන, හේලිස් සමුහ ව්‍යාපාරයේ මානව සම්පත් සහ නීති අංශයේ ප්‍රධානී දර්ශි තල්පාහේවා, ජෝන් කීල්ස් සමුහ ව්‍යාපාරයේ මානව සම්පත් ප්‍රධානී සහ විධායක උප සභාපති ඉසුරු ගුණසේකර, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ මානව සම්පත් ප්‍රධානී රන්සි ධර්මසිරිවර්ධන යන මහත්ම මහත්මින්ද මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන් සහභාගි වුහ. latest jordans | GOLF NIKE SHOES