23rd May 2019 22:01:10 Hours
ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය ලේකම් ඊ.එම්.එම්.ආර්.කේ. ඒකනායක මහත්මිය පලාලි ගුවන් තොටුපොල සංවර්ධනය සඳහා වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය සමඟ එක්ව පසුගිය සිකුරාදා (24) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවූ අතර එහිදී පලාලි ගුවන්තොටුපලෙහි සිවිල් ගුවන් සේවා කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.
මෙම සුහද හමුව සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහ පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීතුමන් ද සහභාගි වූහ. buy shoes | Nike Shoes