24th May 2019 18:30:27 Hours
ස්විට්ස්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් (දේශපාලන) ඩමියානෝ සගුයාතමට්ටි මහත්මිය (Mr Damiano Sguaitamatti) පසුගිය බ්‍රහස්පතින්දා (23) දින විශේෂ කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.
මෙහිදි, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රියන්ත ගමගේ සමඟ යාපනය අර්ධද්වීපයේ සිදුකරනු ලබන ඉඩම් නිදහස් කිරීම, සංවර්ධන කාර්යභාර්ය, මනුෂීය සහයෝගීතා ව්‍යාපෘතින් ඇතුළු ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය. latest jordan Sneakers | New Releases Nike