Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2019 22:07:30 Hours

යාපනයේ ප්‍රවාහන අපහසුතා සහිත පාසල් සිසුන්ට පාපැදි ප්‍රදානය කරයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මූලිකත්වයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ධානපති නිර්මලන් සෙල්වදුරේ මහතා සමඟ සම්බන්ධතාවයෙන් යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 12 දෙනෙකු වෙත පාපැදි පරිත්‍යාග කරන ලදී.

මෙම පාපැදි පරිත්‍යාග කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (24) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවැති අතර මෙම උත්සවය සඳහා සිසුන්ගේ දෙමවුපියන් සහ ගුරුවරුන් සහභාගි වූහ. යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් මෙහිදී සිසුන් වෙත පාපැදි ප්‍රදානය කරන ලදී. මෙම උත්සවය අතරතුරදී සියලුදෙනා ඇමතූ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිතුමන්, යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණින් ධානපති නිර්මලන් සෙල්වදුරේ මහතා කරන ලද පරිත්‍යාගය ඇගයූමට ලක් කරමින් ස්තූතිය පුද කළහ.

එමෙන්ම, මෙම පාපැදි ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගි වූහ. jordan release date | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD