Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2019 18:29:27 Hours

මවුලවිවරුන් සහ මුස්ලිම් ප්‍රජා නායකයින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හමුවෙයි

යාපනය සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ කණ්ඩායමක් සහ කිලිනොච්චි දිස්ත්‍රිකයේ සභාපති එස්. සුෆ්යන් මහතා ඇතුළු මුස්ලිම් මවුලවිවරුන් පිරිසක් යාපනය අර්ධද්වීපයේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉරිදා (19) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

මෙම සුහද හමුවේදී මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි විසින් අවධාරණය කලේ නීතිය හා සාමය පවත්වාගෙන යාමේ වැදගත්කම මෙන්ම අන්තවාදී විශ්වාසයන්ට හා ප්‍රචණ්ඩත්වයට ඇද වැටෙන තරුණයින් එයින් වලක්වා ගැනීමට කටයුතු කරන ලෙසයි. එහිදි, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් සිදුකල කරුණු පැහැදිලි කිරීම හා දැනුවත් කිරීම පිළිබඳ මවුලවිවරුන් සහ මුස්ලිම් ප්‍රජා නායකයින් සිය ස්තුති පුද කළහ. Nike Sneakers Store | nike air force 1 shadow , eBay