Header

Sri Lanka Army

Defender of the Nation

18th May 2019 20:08:22 Hours

66 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්ට මී මැසි පාලනය පිළිබඳ පුහුණුවක් ලබාදෙයි

පුනරීන් ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ සිවිල් වැසියන්ට අතිරේක ආදායම් මාර්ගයක් සලසාදීමේ අරමුණින් 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර ගේ ඉල්ලීමකට අනුව ‘බිගු සම්පත් සුරකිමු’ සංගමයේ නිලධාරීන් දෙදෙනෙකු වන තිස්ස බණ්ඩාර තඹවිට මහතා සහ නුවන් කීර්තිරත්න මහතා විසින් මී මැසි පාලනය පිළිබඳ පුහුණු කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (16) දින එම සේනාංක මුලස්ථානයේදී පවත්වන ලදී.

ඉතා දුෂ්කර පුනරීන් ප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල මී මැසි පාලනය සඳහා උනන්දුවක් දක්වන සිවිල් වැසියන්ට මී මැසි පාලනය කිරීම පිළිබඳ වෘත්තීය පුහුණුවක් ලබාදී විකල්ප ආදායම් මාර්ගයක් උත්පාදනය කරදීමට 66 වන සේනාංකය අපේක්‍ෂා කරයි. url clone | Nike Shoes, Sneakers & Accessories