17th May 2019 20:59:56 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත වත්මන් ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ බැංකු නිලධාරින් සමඟ සකච්ඡා කිරීමේ සුහද හමුවක් පසුගියදා පැවැත්විණි.
57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ ගේ සහ 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.ඒ.එන්.ඩි. එදිරිසිංහ ගේ අධීක්ෂණය යටතේ 7 වන ශ්රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීගේ සහයෝගය ඇතිව සංවිධානය කල මෙම සුහද හමුව සඳහා කිලිනොච්චි ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ නිලධාරීන් 24 දෙනෙකු සහභාගි වූහ.
මෙම සුහද හමුව සඳහා බැංකු ශාඛා දෙකේ නිලධාරීන්, 571 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී සහ 7 වන ශ්රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී සහභාගි වූහ. Best Nike Sneakers | Footwear