Header

Sri Lanka Army

Defender of the Nation

18th May 2019 20:08:22 Hours

යුද්ධ හමුදා පුහුණු පාසලේ දී  ප්‍රතිත්‍රස්ත යුධ උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක 25 ආරම්භ කෙරේ

ත්‍රස්ත විමර්ශන මෙහෙයුම් පිළිබඳ දැනුම, සැලසුම්කරණය සහ තීරණ ගැනීමේ හැකියාවන් වර්ධනය කිරීම සහ යුද්ධයේ තාක්‍ෂණික ක්‍රම වැඩිදියුණු කිරීම මෙන්ම ත්‍රස්තවාදය පිළිබඳ මූලධර්ම හඳුන්වාදීම සහ වර්තමාන අවදිය තුළ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම යන කරුණු අරමුණු කරගනිමින් ප්‍රතිත්‍රස්ත යුධ උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක 25 පසුගියදා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී ආරම්භ කෙරිණි.

මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 20 ක්, නාවික හමුදා නිලධාරීන් 03 ක්, ගුවන් හමුදා නිලධාරීයෙක් සහ විදේශීය හමුදා නිලධාරීන් 05 ක් සහභාගි වෙයි. පාඨමාලාවේ සමාරම්භක දේශනය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල විසින් සිදුකරන ලදී. spy offers | Men Nike Footwear