Header

Sri Lanka Army

Defender of the Nation

17th May 2019 20:59:55 Hours

ජාතික රණවිරු දිනයට සහ වෙසක් උත්සවයට සමගාමීව මූලතිව් රෝගින්ගේ ප්‍රයෝජය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් රුධිරය පරිත්‍යාග කරයි

රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන්ට උපහාර දක්වමින් මැයි මස 19 දිනට යෙදී තිබෙන ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59, 64, 68 වන සේනාංකයන්හි සහ මූලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් වෙසක් උත්සවය ආරම්භයත් සමඟ බ්‍රහස්පතින්දා (16) දින මූලතිව් මූලික රෝහලේ දී සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.

මූලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ ආරක්‍ෂක හමුදාව අතර සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සියලුම ශ්‍රී ලාංකීකයින් ඉදිරි දින කිහිපය තුල සැමරීමට නියමිත ජාතික රණවිරු දිනය සහ වෙසක් උත්සවයට සමගාමීව මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන පැවැත්විණි.

දිනය පූරා පැවැති මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනේ දී මුලතිව් මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිය රුධිරය පරිත්‍යාග කරන ලදී. Nike Sneakers | Sneakers