Header

Sri Lanka Army

Defender of the Nation

15th May 2019 15:20:56 Hours

මධ්‍යම පළාතේ රණවිරු සැමරුම් උත්සවය මයිලපිටියේ දී

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාය යටතේ මහනුවර ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ජාතික රණවිරු දිනයට සමගාමීව පසුගිය අඟහරුවාදා (14) දින මහනුවර, මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි.

රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන්ගේ බිරින්දෑවරුන්, දරුවන්, ඥාතීන් සහ මිතුරන් රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කරමින් දශකයකට පසුව රට වෙනුවෙන් ජිවිත පූජා කල විරෝධාර රණවිරුවන් සිහිපත් කළහ.

රටවෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්ධතාවයක් ආරක්‍ෂා කිරීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ කෙරිණි. එහිදි, රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් පහන් දල්වා රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කළහ.

මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් අණ්ඩුකාර ගරු මෛත්‍රි ගුණරත්න සහභාගි වූ අතර මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, 11 වන සේනාංකයේ ව්‍යාපෘති නිලධාරී බ්‍රිගේඩියර් එච්.එම්.එස් හේරත්, 11 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.බී.ඩබ්ලිව්.එම්. අලුවිහාර, නාවික හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්, රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ඥාතීන්, සිවිල් වැසියන් සහ පාසල් සිසුන් විශාල පිරිසක් සහභාගි වූහ. Sneakers Store | Air Jordan Release Dates 2020