15th May 2019 21:56:28 Hours
පසුගිය සෙනසුරාදා (11) දින හදිසියේ අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර් එච්.එෆ් රූපසිංහ ගේ අවසන් කටයුතු බදදා (15) දින සන්ධ්‍යාවේ පූර්ණ යුද්ධ හමුදා ගෞරවචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.
අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් එච්.එෆ් රූපසිංහ යුද්ධ හමුදා දිවිය තුලදී, දියතලාව යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයේ උපදේශක නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ පරිපාලන ශාඛාවේ ප්‍රධන මාණ්ඩලික නිලධාරී III, පනාගොඩ සැපයුම් කණ්ඩායම් මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II, යුද්ධ හමුදා මුලස්ථානයේ ආධුණිකයින් බඳවා ගැනීමේ නිලධාරී, යුද්ධ හමුදා මුලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I , 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති සහ යාපනය පරිපාලන දිස්ත්‍රික්කයේ ආඥාපති ඇතුළු තනතුරු රැසක් හොබවා ඇත.
වර්ෂ 1958 ක් වූ මැයි මස 17 වන දින කෙඩෙට් නිලධාරීයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වු අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් එච්.එෆ් රූපසිංහ වසර 37 කට අධික සේවා කාලයක් අවසන් කර වර්ෂ 1995 මාර්තු මස 31 වන දින යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගන්නා ලදි.
අවමංගල්‍ය උත්සවයේ දී ප්‍රකාශයට පත්කල යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ;
Sneakers Store | Air Jordan