Header

Sri Lanka Army

Defender of the Nation

15th May 2019 11:04:39 Hours

විවිධ මාධ්‍ය තුළින් සංසරණය වන වීඩීයෝ දර්ශන සම්බන්ධව

(මාධ්‍ය නිවේදනය)

ආරක්‍ෂක අංශ අදින නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇදගත් පුද්ගලයෙකු තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුවන අවස්ථාවේ එහි රැදී සිටින වීඩීයෝ දර්ශන කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවධානය යොමුකර ඇත.

යුද්ධ හමුදාව මගින් මේ සබැඳිව කඩිනම් පරීක්‍ෂණ පවත්වන අතර, එම වීඩීයෝවේ ඇතුළත් ආරක්‍ෂක අංශ සාමාජිකයෙක් යැයි සැකකෙරෙන පුද්ගලයා හඳුනාගැනීමට යුද්ධ හමුදාව මහජන සහය පතන අතර, පරීක්‍ෂණවලින් පසුව අදාල පුද්ගලයා ආරක්‍ෂක අංශ සාමාජිකයෙකු බවට තහවුරු වූවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගැනිමට යුද්ධ හමුදාව කටයුතු කරනු ලැබේ.

තවද මේ පිළිබඳ තොරතුරු ඇතොත් විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ හදිසි ඇමතුම් අංක 0112514280 ට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමී. (නිමාව) jordan release date | Men’s shoes