Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2019 13:25:49 Hours

52 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලඇණියේ බ්රිගේඩියර් එස්.එස්. වඩුගේ ආගමික වතාවත් මධ්යයේ පසුගිය අඟහරුවාදා (07) දින යාපනය, මිරුසුවිල් හි පිහිටි සේනාංක මුලස්ථානයේ දී රාජකාරි අරඹන ලදී.

සේනාංක මූලස්ථාන පරිශ්රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත 12 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් හමුදා සම්ප්රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. අනතුරුව, 521, 522 සහ 523 වන බලසේනාවන්හි භටපිරිස් විසින් නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් විසින් මෙම අවස්ථාව සංකේතවත් කරමින් සේනාංක මූලස්ථාන පරිශ්රයේ ‘අඹ’ පැළයක් ද රෝපණය කළහ.

මීට ප්රථම, 52 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, මධ්යම ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව බ්රිගේඩියර් එස්.එස්. වඩුගේ සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.Nike Sneakers | Nike, adidas, Converse & More