Header

Sri Lanka Army

Defender of the Nation

09th May 2019 10:31:55 Hours

විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු හට යුද්ධ හමුදා සාම්ප්‍රදායික ආචාර පිරිනමයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු වන මේජර් ජෙනරාල් ඉඳුනිල් රණසිංහ සහ මේජර් ජෙනරාල් දුමින්ද ගමගේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය තුල මෑත කාලයේදී කැපී පෙනෙන නිලධාරීන් දෙදෙනෙකු වූ අතර කීරිතිමත් සහ ආදර්ශමත් සේවයක් ඉටු කිරීමෙන් අනතුරුව විශ්‍රාම දිවියට ප්‍රවිෂ්ඨ වනු ලබයි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රෙජිමේන්තු මූලස්ථාන භටපිරිස් විසින් මෙම නිලධාරීන් දෙදෙනා හට යුද්ධ හමුදා සාම්ප්‍රදායික ආචාර පෙළපාලියකින් මූලස්ථාන පරිශ්‍රයට කැඳවනු ලැබිනි. මේජර් ජෙනරාල් ඉඳුනිල් රණසිංහ වර්ශ 1985 ඔක්තෝබර් මස 1 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු අතර ඔහු විශ්‍රාම යෑමට පෙර කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ලෙස රාජකාරි කරනු ලැබිනි.

මේජර් ජෙනරාල් දුමින්ද ගමගේ වර්ශ 1986 පෙබරවාරි මස 21 දින යුද්ධ හමුදාවට බැඳුණු අතර ඔහු විශ්‍රාම යන විට යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂක ලෙස රාජකාරි කරනු ලැබිනි.

වසර 33 කට වඩා අධික කාලයක් පුරාවට නොකැළැල් සේවයක නිරත වූ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල අණදෙන නිලධාරී තනතුරු සහ මාණ්ඩලික නිලධාරී තනතුරු ගණනාවක් හොබවා ඇත.

විධිමත් යුද්ධ හමුදාමය ආචාරමුර පෙලපාළියෙන් පසුව ඔවුන් දෙදෙනා වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ උත්සව ශාලාවෙහි සමුගැනීමේ උත්සවයක් පැවැත්වුනු අතර මෙම උත්සවය සඳහා එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහ ඔවුන්ගේ භාර්‍යාවන් සහභාගී වනු ලැබිනි. මෙම අවස්ථාවට මතක සටහනක් එක් කරමින් එම නිලධාරීන් දෙපල වෙත සමරු තිළිණ පිළිගන්වනු ලැබීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු අවසන් කරනු ලැබිනි. Running Sneakers | New Balance 991 Footwear