Header

Sri Lanka Army

Defender of the Nation

08th May 2019 21:24:24 Hours

පියවර ව්‍යාපෘතිය යටතේ 9 වන පියවර පෙර පාසල වන්නි ප්‍රදේශයට

පසුගිය සඳුදා (6) දින වව්නියාව, අලගල්ල නැමති දුෂ්කර ප්‍රදේශයේ පෙර පාසල් අධ්‍යාපනය ලබන ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල දැමීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ‘පියවර’ ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලැබූ 9 වන පියවර පෙර පාසල වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී පෙර පාසල් ළමුන්ගේ අයිතියට පත් කරනු ලැබිනි.

එසේම, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමක් මත ‘පියවර’ ව්‍යාපෘතිය යටතේ හේමාස් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ ‘සාමූහික සමාජ වගකීම් අංශය’ සහ ‘අවුට්රිච් පදනමේ’ අනුග්‍රහය ඇතිව වන්නි ප්‍රදේශයේ තවත් දුෂ්කර සහ ඌණ සංවර්ධිත ප්‍රදේශයන් කිහිපයක ළමුන් සඳහා තවත් පෙර පාසල් 9 ක් ඉදි කරනු ලැබිනි.

හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්‍ෂිකා ශිරෝමි මාසකෝරාල මහත්මිය ‘පියවර’ පෙර පාසල් ව්‍යාපෘතිය සඳහා ඉමහත් දායකත්වයක් ලබාදෙනු ලබන අතර එම පෙර පාසල් සංකීර්ණයේ ගෘහ භාණ්ඩ, අධ්‍යාපනික උපකරණ, ඔංචිල්ලා, ක්‍රීඩා භාණ්ඩ සහ අනෙකුත් සියළු උපාංග සඳහා මිලියන 3.73 ක වියදමක් ඇය විසින් දරනු ලැබිනි.

මෙම පෙරපාසල් පිහිටුවීමේ ව්‍යාපෘතිය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති අතර, මේ වන විට හේමාස් අවුට්රිච් පදනමේ සමීප සහයෝගය ඇතිව දිවයින පුරා පෙර පාසල් 52 ක් ස්ථාපිත කර ඇත.

21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර් ජයපතිරනගේ උපදෙස් මත 211 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලාල් විජේතුංග විසින් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කරනු ලැබිනි. 2 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් එච්.බී.සී. මහේන්ද්‍රගේ මගපෙන්වීම යටතේ මේජර් ඩබ්. සී. දේශප්‍රිය ගේ උපදෙස් සහ අධීක්‍ෂණය මත සිදු කරනු ලැබිනි.

මෙම පෙර පාසල් විවෘත කිරීමේ ව්‍යාපෘතිය සඳහා වව්නියාව අතිරේක දිස්ත්‍රික් ලේකම් රාධා ක්‍රිෂ්ණන් ආනන්දන්, 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර් ජයපතිරණ, 211 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලාල් විජේතුංග මෙන්ම පෙර පාසල් ළමුන් විශාල පිරිසක් සහ ඔවුන්ගේ දෙමවුපියන් සහභාගී වනු ලැබිනි. Running sport media | Nike Off-White