05th May 2019 18:06:43 Hours
වවුනියා, ඉච්චන්කුලම් පිහිටි 611 වන බලසේනාවේ 6 වන බලසේනාධිපති ලෙස විජයභාහු පාබල රෙජිමේන්තුවේ කර්නල් කේ.ඒ.ඩබ්.එන්.එච්. බණ්ඩාරනායක පසුගිය සඳුදා (6) දින එම බලසේනා මුලස්ථානයේ ආගමික වතාවත් මධ්‍යයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි අරඹන ලදි.
මීට ප්‍රථමව, 611 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කල බ්‍රිගේඩියර් සමන් ලියනගේ, බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව කර්නල් කේ.ඒ.ඩබ්.එන්.එච්. බණ්ඩාරනායක සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
බලසේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත 23 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි.
මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව බලසේනාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු සියළු නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එතුමන් සහභාගි විය.
මෙම අවස්ථාව සඳහා 23 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන් සහ 17 වන (ස්වේච්ඡා) සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් ඇතුළු බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. Authentic Sneakers | Nike Dunk - Collection - Sb-roscoff