06th May 2019 13:25:48 Hours
බලඇණි ආධාරක අවි පාඨමාලාව (BSW) සහ යුධ ටැංකි නාශක මිසයිල අවි පාඨමාලාව (ATGM) සාර්ථකව හැදෑරුවන්ගේ විසිරයාමේ පෙළපාලිය සෙනසුරාදා (04) දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
බලඇණි ආධාරක අවි පාඨමාලාව (BSW) සාර්ථකව හැදෑරු නිලධාරීන් 35 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 28 දෙනෙකු මෙන්ම යුධ ටැංකි නාශක මිසයිල අවි පාඨමාලාව (ATGM) සාර්ථකව හැදෑරු නිලධාරීන් 9 දෙනෙකු ඇතුළු සෙසුනිලයින් 45 දෙනෙකු මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී මෙලෙස වර්ණවත් පෙළපාලියකින් විසිරයන ලදී.
මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එම්.ආර්.එච්.එස්.කේ. හේරත් ගේ ආරාධනයකට අනුව පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා සහභාගි විය.
පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබු මෙම දීර්ඝ පාඨමාලාවන් දෙක සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සමඟින් නාවික හමුදා, ගුවන් හමුදා සහ විශේෂ කාර්ය බලකායේ සමාජිකයින් ද සහභාගි වූහ.
පාඨමාලාවන් දෙක හැදෑරුවන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රායෝගික නිදර්ශනයකින් මෙම උත්සවය වර්ණවත් විය.
මෙම විසිරයාමේ පෙළපාලිය නැරඹීම සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන්, පාඨමාලාව හැදෑරු සාමාජිකයින්ගේ දෙමාපියන් සහ ඥාතින් විශාල පිරිසක් සහභාගි වූහ. Running sneakers | Air Jordan