Header

Sri Lanka Army

Defender of the Nation

05th May 2019 18:06:41 Hours

කොළඹ යුද්ධ හමුදා රෝහලට වසර 05 ක් සපිරීම නිමිති කොටගෙන සර්ව රාත්‍රීක පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක්

කොළඹ යුද්ධ හමුදා රෝහල නවතමයෙන් ඉදිකර සෙනසුරාදා (04) දිනට වසර 05 සපිරීම නිමිත්තෙන් ආශීර්වාද එක්කිරීමේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය විෂයෙහිලා සාංගික දානමය පූණ්‍යකර්මයක් සිදුකරන ලදි.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සහභාගිත්වයෙන් මහානායකහිමිවරු කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (4) දින උදෑසන දානමය පූණ්‍යකර්මය යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. සිකුරාදා (3) දින සන්ධ්‍යාවේ රෝහල් පරිශ්‍රය විදුලි බුබුළුවලින් ආලෝකමත් කර වර්ණවත් පෙරහැරකින් මහා සංඝරත්න 26 නමක් පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවනු ලැබූ අතර යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ විසින් මහා සංඝරත්නය වෙත දැහැත් වට්ටිය පිළිගන්වා පසුදින පහන් වනතුරු පිරිත් සජ්ඣායනා කිරීම සඳහා ආරාධනා කරනු ලැබීය. පිරිත් සජ්ඣායනාවෙන් අනතුරුව පසුදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහිලා හීල්දානය පිළිගන්වනු ලැබීය.

දහවල් දානයෙන් අනතුරුව පුජ්‍ය අරම ධම්මතිලක හිමියන්, පුජ්‍ය මුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, පුජ්‍ය වහුමුවේ විජේවංශ හිමියන් සහ තවත් හිමිවරුන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙහෙයවනු ලැබූ අනුශාසනාවේ දී පාස්කූ ඉරිදා ප්‍රහාරයෙන් මියගිය රණවිරුවන්ට සහ සිවිල් වැසියන්ට මෙන්ම තුවාල ලැබු රණවිරුවන් සහ සිවිල් වැසියන්ට ආශිර්වාද එක්කරන ලදි.

මෙම සංවත්සර වැඩසටහන සඳහා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පි.ඒ.සි ප්‍රනාන්දු, යුද්ධ හමුදා රෝහලේ පරිපාලන හා නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.බී රන්දෙණිය, යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ කර්නල් නිශාන්ත පතිරණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වුහ. Mysneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger