04th May 2019 20:47:48 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්‍ථානයේ මූලිකත්වයෙන් දියත් කරනු ලබන වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස ජයන්තිපුර, පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට පසුගිය අඟහරුවාදා (2) දින මුල්ගල් තබන ලදි.
ස්ථිර ආදායමක් නොමැතිව දරුවන් 5 දෙනෙකු සමඟ දිවි ගෙවන මෙම දුප්පත් පවුල පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව, 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ ගේ මඟපෙන්වීම මත 622 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ දියත් කරන ලද මෙම මානුෂීය ව්‍යාපෘතියේ පුරෝගාමියා වු වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත පසුගිය මාස 05 ක කාලය තුළ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නිවාස 06 ක් ද ඉදිකර දී ඇත.
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකීක ලෙස්ලි සමන් මහතා ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත නව නිවසක් මෙම අඩුආදායම්ලාභි පවුල වෙත ඉදිකරදීමට අවශ්‍ය මුල්‍යමය දායකත්වය ලබාදෙන ලදී. වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, කර්නල් අනිල් පීරිස් විසින් නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල් තබන ලදි. vවන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය, 62 වන සේනාංකය සහ 622 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්, 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, පදවි ජයන්තිපුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.ජි.කේ බණ්ඩාර මහතා, නිවාසලාභි අජිත් ප්‍රේමකුමාර මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසින් රැසක් නව නිවස ඉදිකිරීමේ මුල්ගල තැබීමේ උත්සවය සඳහා එක්ව සිටියහ. jordan Sneakers | Patike