Header

Sri Lanka Army

Defender of the Nation

04th May 2019 21:11:22 Hours

දිවයින පූරා සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුම්වලදී තවත් කඩු, ගිනි අවි, පතුරම් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයාගනි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ 11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වැටලීම් සහ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් පසුගිය පැය 24 ක කාලය තුල සැක සහිත Hyundai මෝටර් රථයක්, කඩු 5 ක්, තුවක්කු, ව්‍යාජ ජාතික හැඳුනුම්පත්, ස්වයංක්‍රීය ටෙලර් කාඩ්පත්, මන්න, පිහි 11 ක්, මත්කුඩු ග්‍රෑම් 12 ක් සමග සැකකරුවන් 18 දෙනෙක් අලවතුගොඩ, මැදවල, වත්තේගම, නාරංවිට, දොළුව, වැලිමඩ, Under Bank, නුවරඑලිය, රම්පාදෙණිය, මස්කෙළිය සහ දික්ඔය යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම, බටහිර ආරක්‍ෂක සේනා මූලසථානය විසින් සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකින් ආරාභි භාෂා CD තැටි හා DVD තැටි 216 ක්, ජීව උණ්ඩ තොගයක්, නොකියා handsets, අමතර බැටරි 2 ක්, ආවරණ 2 ක්, power guard 01 ක්, comm 01 ක් මෙන්ම ඇන්ටනා කට්ටලයක්, වයර් මීටර් 10 ක් සහ සුදු පටි 2 ක් සොයාගනු ලැබීය.

එසේම, පසුගිය සිකුරාදා (03) දින නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පොළොන්නරුව, කඳුරුවෙල සහ ගල්ලෑල්ල යන ප්‍රදේශයන්හි ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් දියත් කරන ලදි.

තවද, මෙම සෝදිසි කිරීම් වලින් ජංගම දුරකථන 7 ක්, බෝර 12 හිස් කොපු තොගයක්, T-56 උණ්ඩ 1 ක්, සිම්පත් 9 ක්, කඩු 2 ක් සහ යතුරුපැදි 1 ක් සොයාගෙන ඇත.

මේ අතර, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වැලිමඩ, ගුරුතලාව ප්‍රදේශයෙන්හි සිදු කල තවත් සෝදිසි මෙහෙයුමකදී කඩුවක්, වායු රයිෆලයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

මීට අමතරව, යුද්ධ, නාවික, ගුවන්, හමුදා, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය එක්ව කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කඩු 7 ක් සහ සැක කටයුතු යුද්ධ හමුදා නිළ ඇඳුම් කිහිපයක් සොයාගන්නා ලදී. එසේම, පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රය සහ මොණරාගල, අනුරාධපුර, කටුගස්තොට, පුත්තලම, කැකිරාව, බලපිටිය, වැලිමඩ මෙන්ම තවත් සැක සහිත ස්ථාන කිහිපයක් යුද්ධ හමුදා භටපිරිස් විසින් පරික්‍ෂා කළහ.  

තවද, ඉහත සඳහන් ප්‍රදේශවල සිදු කල සෝදිසි මෙහෙයුම්වලදී පිස්තෝල, ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ පොත්, එම සංවිධානයේ CD තැටි හා DVD තැටි, T-56 පිස්තෝල, උණ්ඩ, කඩු, යකඩ බෝල, තුවක්කු 12 ක්, මන්න ඇතුළු තවත් යුද්ධ උපකරණ රැසක් සොයාගැනිමට සමත්විය.Mysneakers | Nike Shoes, Sneakers & Accessories