07th May 2019 15:44:38 Hours
බ්‍රිතාන්‍ය රජයේ රාජ්‍ය ආරක්‍ෂක හා මූල්‍ය අපරාධ පිළිබඳ අමාත්‍ය ගරු බෙන් වොලන්ස් (පාර්ලිමේන්තු මන්ත්‍රී) ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය සිකුරාදා (03) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එහිදි, වත්මන් ආරක්‍ෂක තත්ත්වය සහ ආරක්‍ෂක ගැටළු පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගත්හ.
මෙම සුහද හමුවේදී, ජාතික හදිසි තත්ත්වයන් සහ ප්‍රචණ්ඩත්ව වැනි විනාශකාරී අවස්ථාවලදී මධ්‍යගත කල යාන්ත්‍රණයක් ලෙස නිලධාරීයෙකුගේ අණදීම යටතේ එම තර්ජනවලට සිය රටේ ආරක්‍ෂක අංශයන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේදැයි බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්‍ෂක හා මූල්‍ය අපරාධ පිළිබඳ අමාත්‍යවරයා විස්තර කලේය. බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්‍ෂක හා මූල්‍ය අපරාධ පිළිබඳ අමාත්‍යතුමන් පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවට ඉදිරි ආරක්‍ෂක අභියෝග ජයගැනීම සඳහා එක්සත් රාජධානියේ සහාය ලබාදෙන බව මෙහිදි ප්‍රකාශ කරන ලදී.
මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය ලොව පුරා ක්‍රියාත්මක වන ආකාරය සහ මිනිස් ජිවිතවලට අවධානමක් ගෙන එන නීතිය හා සාමයේ කඩාවැටීම පිළිබඳව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම සුහද හමුවේ දී පෙන්වාදුන්හ. ප්‍රචණ්ඩකාරී බලවේගයන්ට ගොදුරුවීමට ඉඩ නොදී විවිධ තරාතිරමේ තරුණ තරුණියන් වෙනුවෙන් විෂමකාරී අදහස් වලින් තොරවූ අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ට සහාය දක්වන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්‍ෂක හා ආර්ථික අපරාධ අමාත්‍යතුමන්ගෙන් ඉල්ලා සිටියහ.
බ්‍රිතාන්‍ය රජයේ රාජ්‍ය ආරක්‍ෂක හා මූල්‍ය අපරාධ පිළිබඳ අමාත්‍ය ගරු බෙන් වොලන්ස් (Rt Hon Ben Wallace) යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්මයාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබීය.
යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුව සඳහා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සහභාගි වූහ. affiliate link trace | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys