04th May 2019 21:25:28 Hours
පාස්කූ ඉරිදා (21) දින මරාගෙන මැරෙන ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ලවූ මඩකලපුව සිවෝන් දේවස්ථානයේ පසුගිය සිකුරාදා (03) දින උදෑසන සංචාරයක නිරතවූ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවැති ආරක්‍ෂක සම්බන්ධිකරණ සාකච්ඡාවක් සඳහා ද සහභාගි විය.
සිවෝන් දේවස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි අග්‍රාමාත්‍යතුමන් ඇතුළු ඇමතිවරුන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර මෙම අවස්ථාවට පූජ්‍ය රොෂාන් මගේෂන් ඇතුළු කතෝලික පූජකවරුන් රැසක් සහභාගි වූහ.
මෙහිදි පැවැති ආරක්‍ෂක සම්බන්ධීකරණ සාකච්ඡාවේ දී, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් පාස්කූ ඉරිදා එල්ලවූ ඛේදජනක ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ සන්නද්ධ හමුදාවන්ගේ වත්මන් කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ පැහැදිලි කළහ.
එමෙන්ම, මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍යතුමන් සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා රැස්ව සිටි සියලු ප්‍රජාව අමතමින් අභියෝගයන් ජයගැනීම සඳහා සෑම රාජ්‍ය අංශයකම සහයෝගය ලබාදෙන බවට සහතික විය.
මෙම ආරක්‍ෂක සම්බන්ධීකරණ සාකච්ඡාව සඳහා පූජ්‍ය රොෂාන් මගේෂන් පියතුමන්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්. උදය කුමාර මහතා, නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර ඇතුළු නාවික සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ. Adidas footwear | AIR MAX PLUS