02nd May 2019 20:21:53 Hours
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පසුගිය අඟහරුවාදා (30) දින වව්නියාව සංස්කෘතික ශාලාව ප්‍රතිසංස්කරණය කොට වව්නියාව දිස්ත්‍රික් ලේකම් වෙත කෙටි උත්සවයකදී පවරා දෙන ලදි.
වව්නියාව සිවිල් කටයුතු සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස සන්නද්ධ හමුදා විසින් භාවිතා කරන ලද වව්නියා සංස්කෘතික ශාලාව 2017 වසරට පෙර අතහැර දමා අබලන් තත්ත්වයට පත්ව තිබු අතර වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් නැවත එය අලුත්වැඩියා කර වව්නියාව ජනතාවගේ කෘතඥතාවේ සංකේතයක් ලෙස නැවතත් ඔවුන් වෙත ලබාදෙන ලදි.
ඒ අනුව යුද්ධ හමුදාධිපතිගේ ආශිර්වාදය මධ්‍යයේ 22 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එච්.බී.සි මහේන්ද්‍ර ගේ මඟපෙන්වීම යටතේ 22 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ මේජර් ඩබ්.සි දේශප්‍රිය ගේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් 2017 අගෝස්තු මස 27 වන දින අලුත් වැඩියා කටයුතු සිදුකරන ලදි.
එම අවස්ථාව සමඟාමීව නවීකරණය කරන ලද සංස්කෘතික ශාලාවේ යතුර මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් වව්නියාව දිස්ත්‍රික් ලේකම් අයි.එම් හනිපා මහතා හට ප්‍රාදේශිය ලේකම් කේ උදයරසා මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ආගමික නායකයින් සහ ප්‍රජා නායකයින්ගේ ඉදිරියේදී කෙටි උත්සවයකදී ලබාදුන්හ. bridgemedia | New Releases Nike