Header

Sri Lanka Army

Defender of the Nation

03rd May 2019 12:38:44 Hours

57 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

කිළිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් ඒ. ශාන්ත හේවාවිතාරණ පසුගිය බඳාදා (1) දින රාජකාරි අරඹන ලදි.

සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

එහිදි නව සේනාංකාධිපතිතුමන් පිරිත් හඬ මධ්‍යයේ 57 වන සේනාංකය යටතේ බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් ඉදිරියේදී නව කාර්යාලයේදී සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්හ.

ඉන් අනතුරුව එතුමන් විසින් යුද්ධ හමුදා සාමාජිකයින් අමතා තේ පැන් සංග්‍රහයකටද සහභාගි විය. jordan Sneakers | Footwear