30th April 2019 15:56:36 Hours
යුද්ධ හමුදා සංඥා බළකායේ කර්නල් සේනාවිධායක මෙන්ම හිටපු යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ වසර 34 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එතුමන්ගේ සේවය ඇගයුමට ලක්කිරිමේ උත්සවයක් පසුගිය සිකුරාදා (26) දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බළකා මුලස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රි ලංකා සංඥා බළකා පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරාල් විජේසිංහ හට සම්ප්‍රදානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංඥා බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එල්.එස්.පි පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් පසු ශ්‍රී ලංකා සංඥා බළකා නිත්‍ය සහ ස්වෙච්ඡා යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව රෙජිමේන්තු සරඹ භූමියේ දී එතුමන් හට සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදි.
ඉන් අනතුරුව විශ්‍රාමික කර්නල් සේනාවිධායක බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ පැවති සියලු නිළ තේ පැන් සංග්‍රහය සඳහා සහභාගි වු අතර එහිදි එම අවස්ථාව සඳහා සහභාගි වු සියලු දෙනා සමඟ සුහද කතාබහක නිරත විය.
පසුව එතුමන් විසින් රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පවත්වනු ලැබු රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වු අතර එහිදි නික්මන යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් සමුගැනීමේ කථාව සිදුකළ අතර අනතුරුව එතුමන් වෙත මතක සටහනක් ලෙස සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය. Running Sneakers | Nike Air Max 270