02nd May 2019 14:59:50 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පාඨමාලා අංක 27 යටතේ කෑගල්ල, බෙරගල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ආධුනික පුහුණු පාසලේ පුහුණුව හැදෑරු ආධුනික සෙබළුන් 157 දෙනෙකු පසුගිය සෙනසුරාදා (27) දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකින් විසිර යනු ලැබිනි.
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව යන ඒකකයන් යටතේ පුහුණුව හැදෑරූ ආධුනික සෙබළුන් විසින් මෙම උත්සවයේ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ 583 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී. ඩී. සූරියබණ්ඩාර හට තම ආචාරය පිරිනමනු ලැබීය.
මේ අතර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් හඳුන්වාදී ඇති නව වැඩපිලිවෙල යටතේ සියළුම ආධුනික සෙබළුන් හට මෙම උත්සව අවස්ථාව සනිහිටුවන් කිරිම වස් සියඹලා සහ දිවුල් පැළ ලබාදෙන ලදි.
පසුගිය මාස 4 ක් තුළ මෙම පුහුණු පාඨමාලාවේ ප්‍රධාන උපදේශකවරයා ලෙස බෙරගල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ආධුනික පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ආර්. කේ. වී. ඩී. රත්නායක කටයුතු කරන ලදි. මෙහිදි හොදම ඛණ්ඩය ලෙස තුන්වන ඛණ්ඩයද මෙම පාඨමාලවේ හොඳම ඛණ්ඩභාර නිලධාරී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කපිතන් ඊ. ඩී. පී. එදිරිසිංහ නම් කෙරුණු අතර ඊ. එච්. එන්. සම්පත් හොඳම ඛණ්ඩභාර සැරයන්වරයා ලෙස තේරී පත්විය.
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ ආධුනික සෙබල ජී.ජී. එම්. පී. ඩී. කුමාර හොඳම කායික යෝග්‍යතාවය සතු ආධුනිකයා වූ අතර එම ඒකකයේම ආධුනික සෙබල ඒ.සී. එම්. එල්. අධිකාරි හොඳම වෙඩික්කරු ලෙස නම් කෙරිනි. සෑම ක්‍ෂෙත්‍රයෙහිම ආධුනිකයින් විසින් නිපුනතා දැක්වීමෙන් අනතුරුව මෙම පාඨමාලාවේ හොඳම ආධුනික සෙබලා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද බලකායේ ආධුනික සෙබල එල්. එච්. එච්. ඩී. කුමාර තේරි පත්විය. Running Sneakers Store | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals