Header

Sri Lanka Army

Defender of the Nation

02nd May 2019 00:14:44 Hours

අම්පාර සිවිල් වැසියන් විසින් තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින් හට ඉක්මන් සුවය සහ ආශිර්වාද පතයි

අම්පාර මහවපිටිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කිරිඳිවෙල සෝමරතන හිමියන්ගේ සහ ප්‍රදේශයේ දේශප්‍රේමී සිවිල් වැසියන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පසුගිය සිකුරාදා (26) දින අම්පාර 24 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ බෝමළුව තුල දී යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ සමස්ථ ආරක්‍ෂක අංශයන් වෙත ආශිර්වාද කිරීම පිණිස බෝධි පූජා පින්කමක් සහ පිරිත් සඥ්ඤායනාවක් පවත්වනු ලැබිනි.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මෙම පින්කම් මාලාව සඳහා සිය දායකත්වය දැක්වූ අතර එතුමන්ද මෙම පින්කම සඳහා සහභාගී විය. එසේම, පසුගිය පාස්කු ඉරිදා දින සිදු වූ ම්ලේච්ඡ අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් නිවන් සුව ප්‍රාර්ථනා කල අතර එම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සඳහා ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලදි. එසේම මෙම පින්කම සඳහා සහභාගී වු සැදැහැවතුන් විසින් දිවයිනේ සෑම පුරවැසියෙක් සඳහාම ආශිර්වාද ප්‍රාර්ථනා කරනු ලැබිනි.

මහා සංඝරත්නය, යුද්ධ හමුදා නිලධාරීන්, සෙසු නිලයින් සහ බෞද්ධ බැතිමතුන් ගණනාවක් මෙම පින්කම් මාලාව සඳහා සහාභාගී වී ඇත.bridge media | Asics Onitsuka Tiger