Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2019 22:32:01 Hours

541 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් ප්‍රදීප් කුලතුංග සිය ධුරයෙහි රාජකාරි අරඹයි

මන්නාරම් ප්‍රදේශයේ කල්ලිඅඩි පිහිටි 541 වන බලසේනාවේ 6 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් ප්‍රදීප් කුලතුංග සඳුදා (29) දින ආගමික වතාවත් මධ්‍යයේ පැවති කෙටි උත්සවයකදී 541 වන බලසේනා මුලස්ථානයේ දී රාජකාරි අරඹන ලදි.

මීට ප්‍රථම 541 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කල බ්‍රිගේඩියර් කීර්ති බණ්ඩාර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධීකරණ නිලධාරී ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව එම පුරප්පාඩුව වෙනුවෙන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් පත්විය.

10 වන ස්වෙච්ඡා ගැමුණු හේවා බළඇණියේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එතුමන් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව බලසේනාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අතර සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එක්විය.

10 වන ස්වෙච්ඡා ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරීතුමන් සහ එම බළසේනාවේ රාජකාරි නියුතු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.Nike air jordan Sneakers | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ