Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2019 22:00:05 Hours

65 වන සේනාංකය කසල එකතු කිරිම සඳහා නව ප්‍රවේශයක් හදුන්වාදෙයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත තුනුක්කායි පිහිටි 65 වන සේනාංකය විසින් නව ආදායම් මාර්ග උත්පාදන ව්‍යාපෘතියක් ලෙස ඉවතලන, නැවත භාවිත කළ හැකි කැළිකසළ සහ ප්ලාස්ටික් භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර මහජනතාව විසින් පරිහරනය කර ඉවත ලන අපද්‍රව්‍ය මෙම ව්‍යාපෘතිය යටතේ මිළදී ගනු ලැබේ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ මඟපෙන්වීම යටතේ 65 වන සේනාංකයේ කර්නල් පාලන සහ භකාස කර්නල් නලින්ද ආරියසේන මෙම ව්‍යාපෘතියේ නව ආරම්භක වැඩසටහන හදුන්වාදෙන ලදි. මෙම ව්‍යාපෘතිය යටතේ කාඩ්බෝඩ් කිලෝග්‍රෑමයක් සඳහා රු:10 ක් ද, ප්ලාස්ටික් කිලෝග්‍රෑමයක් සඳහා රු: 50 ක් ද, ශක්ති ජනක බීම බෝතල් කිලෝග්‍රෑමයක් සඳහා රු: 50 ක් ද, ප්ලාස්ටික් බීම බෝතල් කිලෝග්‍රෑමයක් සඳහා රු:10 ක් ද, ටින් කිලෝග්‍රෑමයක් සදහා රු: 6 ක් ද, සුදු වීදුරු කැබලි කිලෝග්‍රෑමයක් සඳහා රු: 5 ක් ද, දුඹුරු වීදුරු කැබලි කිලෝග්‍රෑමයක් සඳහා රු:2 ක් ද, හරිත වීදුරු කිලෝග්‍රෑමයක් සඳහා රු:1 ක් සහ යෝගට් කෝප්ප කිලෝග්‍රෑමයක් සඳහා රු:2 ක් ද ලබාදෙන ලදි.

බාහිර වෙළදපොල තුළ කිලෝග්‍රෑමයක් රු: 65 කට විකිණිය හැකි ලෙස පොල්කටු අඟුරු නිෂ්පාදනය කිරිම සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ පොල්කටු මිළදී ගනු ඇත. දුෂ්කර ප්‍රදේශවල අඩුඅදායම්ලාභි සිසුන් හට අත්‍යවශ්‍ය උපකරණ සහ වෙනත් ලිපිද්‍රව්‍ය මඟින් උපකාර කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

65 වන සේනාංකය යටතේ ඇති සියළුම බලසේනා, ඒකකයන් සහ පුහුණු පාසල් විසින් අදාළ කසල එකතු කිරිමේ මධ්‍යස්ථාන පිහිටුවා එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරන ලදී.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මෙම නව ව්‍යාපෘතිය මගින් එම ප්‍රදේශය තුළ පරිසර හිතකාමි ක්‍රමයක් හදුන්වා දීමට සිය සහයෝගය ලබා දී ඇති අතර, තවද කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම සියලු ව්‍යාපෘතියේ සාර්ථකත්වය ඇගයීමට ද ලක්වී ඇත. jordan release date | Sneakers