Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2019 13:41:37 Hours

සෝමාවතිය පුද භූමියෙහි ආරක්‍ෂක අංශ සාමාජිකයින් සඳහා නවතමයෙන් ඉදිකරන ලද නවාතැන් පහසුකම් සහිත ගොඩනැගිල්ල විවෘත වෙයි

පොළොන්නරුව ඓතිහාසික සෝමාවති විහාරස්ථානයේ ආරක්‍ෂක කටයුතුවල නිරත යුද්ධ හමුදා භට පිරිස් සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබු නවාතැන් පහසුකම් සහිත ගොඩනැගිල්ල බ්‍රහස්පතින්දා (25) දින එම පුජා භූමියේදී විවෘත කරන ලදි.

සෝමාවති විහාරයේ විහාරාධිපති පුජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් ව්‍යාපෘතියේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඉදිකිරිම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයු අතර මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තාක්‍ෂණික සහ ඉංජිනේරු දායකත්වය ලබාදෙන ලදි

මෙම ගොඩනැගිල්ල ආගමික වතාවත් මධ්‍යයේ සමරු ඵලකයක් නිරාවරණය කරමින් විවෘත කරනු ලැබිනි.

මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩිනි ජයරත්න සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි වූහ.

අනතුරුව, එම පරිශ්‍රය තුළ සියළු දෙනා එක්ව පැළයක් රෝපණය කළ අතර, ඉන් පසුව උත්සවය සඳහා සහභාගී වූ සියළු බැතිමතුන් සමග දාගැබ පරිශ්‍රයේ ගිලන්පස පූජාවක් ද පැවැත්විය. Nike sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov