Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2019 17:08:45 Hours

නව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති විසින් සිය සේනාංකය සහ බලසේනා හඳුනාගනී

නවතමයෙන් පත් වූ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරී වඩුගේ සිය රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය බදාදා (24) දින සිය ආරම්භක සංචාරය ලෙස 12 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහි අණදෙන නිලධාරීන් සමග සුහද කතාබහක නිරත විය.

නව මධ්‍යම සේනා ආඥාපතිතුමන් හම්බන්තොට පිහිටි 12 වන සේනාංක මූලස්ථානයට පැමිණෙන විට 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී. ඩබ්. ඩී. කේ. ජයතිලක විසින් එතුමන්ව පිලිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත සම්ප්‍රධායානුකූලව කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි.

ඉන් පසුව, 12 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව එතුමන් විසින් සේනාංක මූලස්ථාන කාර්‍යාල පරිශ්‍රයේ සංකේතාත්මකව පැළයක් රෝපනය කරනු ලැබිනි.

නව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සංචාරයේ ඊලඟ පියවර ලෙස වීරවිල 122 වන බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත වු අතර එම අවස්ථාව සිහිපත් කිරීම සඳහා එතුමන් විසින් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදි. ඉන් පසුව, එතුමන් විසින් බලසේනා මූලස්ථානයේ සංචාරය නිරත වු අතර එහිදි නිලධාරීන් සහ සෙසු නිලයින් සමග සුහඳ කතාබහක නිරත විය. නව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සංචාරය කළ ස්ථාන දෙකෙහිදීම සමරු සටහන් පොත්වල ද අත්සන් තබන ලදි.Nike air jordan Sneakers | Zapatillas de running Nike - Mujer