Header

Sri Lanka Army

Defender of the Nation

26th April 2019 20:30:45 Hours

නව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කර්නල් සේනාවිධායක සිය කාර්යාලයේදි රාජකාරීන් අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදා මූලස්ථානයේ 19 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව්. රුවන් ද සිල්වා සෙනසුරාදා (27) දින පනාඩෙ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානයේදි යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූලව රාජකාරි අරඹන ලදී.

මීට ප්‍රථම, ආදර්ශමත් යුද්ධ හමුදා සේවයක් ඉටුකල මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී පත්විය.

කාලතුවක්කු රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායකතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ වර්ණ ධජයන් එක්ව සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමිමෙන් අනතුරුව එතුමන් විසින් රෙජිමේන්තුවේ මියගිය විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මුලස්ථාන රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහර පුදකරන ලදි.

එහිදි එතුමන් විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා ආගමික වතාවත් වලින් අනතුරුව කාර්යාලයේදී රෙජිමේන්තු කාරකසභා සාමාජිකයින් ඉදිරියේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි අරඹන ලදී. අනතුරුව බනි හා සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගිවිය. අනතුරුව නිලධාරී නිවස්නයේ දී නිලධාරීන් ඇමතීමෙන් එදින උත්සව කටයුතු සමාප්ත විය.

මේජර් ජෙනරාල් ඩබ්ලිව්. රුවන් ද සිල්වා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීයෙකු වන අතර මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් එම තනතුරේ රාජකාරී වලට අමතරව යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් තනතුරද දරයි.url clone | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet