26th April 2019 15:24:16 Hours
පසුගිය බ්‍රහස්පතින්දා (25) දින ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සිය 131 වන සංවත්සරය අභිමානවත්ව සමරනු ලැබිනි. මෙම උත්සවයට අමතරව එදිනම ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ 18 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ නික්මයෑමේ උත්සවයද පනාගොඩ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විනි.
මෙම රෙජිමේන්තු පෙළපාලියට සමගාමීව කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සියළු ඒකකයන්ගෙන් මෙන්ම කාලතුවක්කු පුහුණු පාසලේ භට පිරිස් විසින් රෙජිමේන්තු වර්ණ ධජයන් පෙරටු කරගනිමින් සම්මාන ආචාර පෙළපාලිය පිළිගන්වනු ලැබීය.
මෙම උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ දිවිපිදු විරෝධාර රණවිරුවන්ට උපහාර පුද කිරීමේ සැමරුම් වැඩසටහනක් එම රෙජිමේන්තු මූලස්ථාන රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙනු ලැබිනි. කාලතුවක්කු රෙජිමේන්තුවේ සියළු ඒකකයන්හී භටපිරිස්, කාලතුවක්කු පුහුණු පාසලේ සාමාජිකයින් සමග එක්ව මෙම ආචාර පෙළපාලිය සඳහා සහභාගී වූ අතර ඉන් අනතුරුව බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේදී පවත්වනු ලැබු තේ පැන් සංග්‍රහයටද සහභාගි විය. මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් විසින් මෙම අවස්ථාවේ සහිවටනයක් ලෙස කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව දිවා ආහාරය සඳහා සහභාගි විය.
ඔහුගේ සේවයට ගෞරවයක් ලෙස එදින පැවැත්වු රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු දවසේ සිය උත්සව කටයුතු අවසන් කරන ලදි.jordan release date | nike air force 1 shadow , eBay