Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2019 18:08:45 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් චන්දන ගුණවර්ධන පත්වෙයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් චන්දන ගුණවර්ධන බදාදා (24) දින කුරුණෑගල බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි අරඹන ලදි.

වසර 36 ක් පුරා විශිෂ්ඨ සේවාවක් ඉටුකළ මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සදුදා (22) දින යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව එම තනතුර සඳහා ඔහු පත්වනු ලැබීය.

විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.එස් ආරියසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව රෙජිමේන්තු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමිමෙන් අනතුරුව එතුමන් විසින් රණවිරු ස්මාරකය වෙත ගොස් ඔවුන් හට උපහාර පුදකරන ලදි.

චාරිත්‍රානුකූල විධිවිධානයන්ගෙන් පසුව මේජර් ජෙනරාල් චන්දන ගුණවර්ධන මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලදි.

ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිළ ලේඛනයකට අත්සන් තබමින් මේජර් ජෙනරාල් චන්දන ගුණවර්ධන සිය කාර්යාලයේදී නව ධුරයේ රාජකාරි භාරගත්හ.

පසුව එතුමන් විසින් ‘ද සැලියුට්’ උත්සව ශාලාවේදී යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතීමෙන් අනතුරුව දිනයේ වැඩසටහන් අවසන් විය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිළයින් විශාල පිරිසක් එදින උත්සවය සඳහා සහභාගි විය. spy offers | New Jordans – Air Jordan 2021 Release Dates , Gov