Header

Sri Lanka Army

Defender of the Nation

27th April 2019 11:26:14 Hours

යාවත්කාලීණ : ආරක්‍ෂක අංශ හා ආරක්‍ෂිත නිවාසය තුළ සිටි ත්‍රස්තවාදීන් අතර ඇතිවු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත

යුද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් සමඟින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එක්ව කල්මුණ නින්දවූර් ප්‍රදේශයේ සැක කටයුතු නිවසක් පරික්‍ෂා කිරිමට යන අවස්ථාවේදි එම නිවස තුළින් වෙඩි ප්‍රහාරයක් සහ පිපිරිමක් සිදුවී ඇති අතර සිකුරාදා (26) දින සවස ආරම්භ කළ මෙම සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව සෙනසුරාදා (27) දින උදෑසන එම පිපිරිම සිදුවී ඇති ස්ථානය වෙත ලගා වීමට ආරක්‍ෂක අංශවලට හැකියාව ලැබී ඇත.

පසුව එම ප්‍රදේශය තුල ආරක්ෂක හමුදා සෙබළුන් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව ආරක්ෂිත නිවස පරික්‍ෂා කිරිම ආරම්භ කළ අතර නිවස තුළ තිබී පිරිමි පුද්ගලයින්, කාන්තාවන් සහ ළමුන්ගේ මළ සිරුරු 15 ක් සොයාගෙන තිබේ. ඒ අනුව, සයින්දමරදු පිපිරිමේ සිද්ධියෙන් මිය ගිය ඉස්ලාමීය අන්තවාදීන්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත. එහිදි එම නිවස තුළ සිටි දරුණු තුවාල ලැබූ කාන්තාවක් සහ දරුවෙකු, යුද්ධ හමුදාව විසින් කල්මුණේ රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙනවිත් බාර දී ඇත. ඒ අනුව ආරක්ෂක හමුදාව සමඟ ගැටුමෙන් ඊයේ සවස් වන විට ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මිය ගොස් සිටි ඇති අතර ඒ අනුව මේ වන විට මිය ගිය මුළු සංඛ්‍යාව 15 කි.

මෙම ප්‍රහාරයෙන් ආරක්‍ෂක අංශයේ සාමාජිකයින් හට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර දැනට යුද්ධ හමුදාව සහ පොලීසීය එක්ව එම ප්‍රදේශය තුළ ‍සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. jordan release date | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov