Header

Sri Lanka Army

Defender of the Nation

26th April 2019 13:24:16 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සිය ධුරයෙහි රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ බ්‍රහස්පතින්දා (25) දින උදෑසන කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා මුලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරි අරඹයි. තවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ අඥාපති ලෙසද කටයුතු කරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ වෙත යුද්ධ හමුදා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව නව කාර්යාලය වෙත පැමිණෙන ලදි.

අනතුරුව නව සේනාවිධායකතුමන් කාර්යාලය තුළට ඇතුළු වී සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වන ලදි. ඉන්පසු මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් දැහැත්වට්ටිය පුජා කරමින් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහා සංඝරත්නයට ආරාධනා කරන ලදි.

එහිදි මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනාවේ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව එතුමන් විසින් නව කාර්යාලයේදී සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි අරඹන ලදී. ඉන්පසු භික්ෂුන් වහන්සේලාට හීල් දානය පිලිගැන්වීමෙන් අනතුරුව එදින උත්සවයේ පලමු භාගය නිමාවට පත්විය.

අනතුරුව එම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර ඉන්පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සියළු නිළයින් අමතන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් එල්.එෆ් කස්තුරිආරච්චි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිළයින් රැසක් සහභාගි විය. Running sneakers | Yeezy Boost 350 Trainers