Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2019 16:08:45 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හට ගෞරවාචාර

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන වසර 36 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමෙන් අනතුරුව එතුමන්ගේ සේවය ඇගයුමට ලක්කිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (21) දින බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

උත්සව කටයුතු ආරම්භ කරමින් මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන වෙත විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු සම්මාන මූරයේ ගෞරවාචාරය පිරිනැමු අතර ඉන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදු පරම වීර විභූෂන සම්මානයෙන් පිදුම් ලැබූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථාන රණවිරු ස්මාරකය අභියසදී පූෂ්පෝපහාර පූද කළහ.

අනතුරුව, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි රෙජිමේන්තු අධිපති ධුරයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් කාරියකරවන වෙත එම රෙජිමේන්තු සරඹ භූමීයේදි භට පිරිස් විසින් සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

එහිදි නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් චන්දන ගුනවර්ධන සිය දුරයේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් කාරියකරවන එම රෙජිමේන්තු මුලස්ථානයේ නිළධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් අමතා සිය අවසන් දේශණය සිදුකරමින් ඔවුන් තමන් වෙත ලබාදුන් දායකත්වය වෙනුවෙන් ස්තූතිය පුදකර සිටි අතර, විජයබාහු පාබල රෙජිමේන්තුවේ විවිධ රාජකාරීන් සඳහා සහයෝගය ලබාදුන් නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් හට තම කෘතගුණතාව පලකර සිටියේය.

විජබාහු පාබල රෙජිමේන්තුවේ පැවති සමුගැනීමේ උත්සවය අවසන් කරමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදාවට සිදු කළ අමිල සේවය වෙනුවෙන් මතක සටහනක් ලෙස සමරු තිළිනයක් පිරිනැමූ අතර අනතුරුව එතුමන් වෙත දිවා භෝජන සංග්‍රහයක්ද පිළිගන්වනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගිවූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවාවනිතා ඒකකයේ හිටපු සභාපතිනිය වන අනුජා කාරියකරවන මහත්මිය එහිදි විජයබාහු පාබල රෙජිමේන්තු සේවාවනිතා ඒකකයේ නව සභාපතිනිය පත්වී සිටින ශිරෝමි ගුණවර්ධන මහත්මිය වෙත මතක සටහක් ලෙස සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

පසුදා උදෑසන, නික්මයන මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමා හට මාර්ගය දෙපස රැදි සිටි සියළු නිලයින් සුභපැතුම් එක්කිරිමෙන් අනතුරුව විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයෙන් සමුගන්නා ලදි. Sport media | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify