25th April 2019 10:27:03 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව විධායක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න බ්‍රහස්පතින්දා (25) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛාවේ පැවැති චාම් උත්සවයකදී රාජකාරි අරඹන ලදී.
මීට ප්‍රථම, විධායක ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චි යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාවේ 27 වන විධායක ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න නව ධූරයේ රාජකාරි භාරගත්හ.
නව විධායක ජෙනරාල් තුමන් සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. Running sport media | Air Jordan