Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2019 13:27:03 Hours

වව්නියා විහාරස්ථානයේ ප්‍රධාන දොරටුවේ තොරණ විවෘත කෙරේ

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් ගේ ශ්‍රමදායකත්වයෙන් වව්නියාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධි දක්‍ෂිණාරාම විහරස්ථානය වටා ඉදිකළ තාප්පය විවෘත කිරිම මෙන්ම බුදුන්වහන්සේගේ පිළිමය සහ ඝණදෙවියන්ගේ පිළිමය එළිදැක්වීම සිකුරාදා (19) දින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා , වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, පරිත්‍යාගශිලින් සහ ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් විහාරස්ථාන පරිශ්‍රයේ පැවති චාම් උත්සවයකින් සිදුකෙරිණි.

වව්නියාව නගර මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී බෝධි දක්‍ෂිණාරාම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය සියඹලාගස්වැව විමලසාර නායක හිමියන්ගේ අනුශාසනා පරිදි මෙහි ඉදිකිරිම් සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා බම්බලපිටිය රාජා ජුවලර්ස් අධිපති අතුල එලියපුර මහතා සහ අසංගා එලියපුර මහත්මියගේ දායකත්වයෙන් බුදුපිළිමවහන්සේ නමක් සහ වව්නියාව මහනගර සභාවේ නාගරික මන්ත්‍රී ජානක රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් දේවස්ථානය සඳහා ඝණදෙවි පිළිමයක් පරිත්‍යාග කරන ලදි.

මෙම විහාරස්ථානය බෞද්ධ සහ හින්දු  භක්තිකයින්ගේ ප්‍රසාදයට ලක්වු මෙන්ම එම ප්‍රදේශය තුළ දිළිඳු ජනතාවට විවිධ ප්‍රජා සත්කාරක සේවාවන් සිදුකරන ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයකි. affiliate tracking url | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ