Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2019 21:29:21 Hours

පවතින ත්‍රස්තවාදි ක්‍රියා සම්බන්ධයෙන් සන්නද්ධ හමුදාවන් වෙත බලතල ලබාදීම

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් මහජන ආරක්‍ෂක ආඥාපනතේ III වන කොටසේ 12 වන වගන්තිය යටතේ යම්කිසි ප්‍රදේශයක මහජන ආරක්‍ෂාවට තර්ජනයක් වී ඇති අවස්ථාවක මහජන සාමය පවත්වාගෙන යාම සඳහා 2019.04.22 වන දින ප්‍රකාශයට පත්කරන ලද අංක 2120/04 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් හට සෝදිසි කිරීමේ බලතල පැවරීම, රඳවා ගැනීම, පොලීස් නිලධාරීන්ට සමාන වූ සන්නද්ධ හමුදාවල සාමාජිකයින්ට කිසිදු පුද්ගලයෙකු වරෙන්තු නොකොට අත් අඩංගුවට ගැනීමේ බලතල ලබාදී ඇත.

ඒ අනුව, 20 (1) වගන්තිය යටතේ සන්නද්ධ හමුදා සාමාජිකයින් හට කිසියම් වරදකරුවෙකු හෝ සැකකටයුතු ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැකිය. තවද හදිසි නීතිය යටතේ සැක කටයුතු වාහන, යාත්‍රා, භාණ්ඩ, ද්‍රව්‍ය හෝ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම, අත්අඩංගුවට ගැනීම, ඉවත් කිරීම සහ රඳවා තබාගැනීමට එමගින් බලතල හිමිවේ.

එමෙන්ම, 20 (2) වගන්තිය යටතේ සන්නද්ධ හමුදා විසින් රඳවාගෙන සිටින ඕනෑම පුද්ගලයෙකු පැය විසිහතරක කාලයක් ඇතුලත ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ළඟම පොලිස් ස්ථානය වෙත භාරදිය යුතුවේ. තවද මෙම රෙගුලාසියේ (1) ඡේදය යටතේ ඕනෑම ස්ථානයක, වාහනයක හෝ යාත්‍රාවක සෝදීසි මෙහෙයුමක් සිදුකරන අවස්ථාවකදී එහි සිටින ඕනෑම පුද්ගලයෙකුගෙන් ඒ පිළිබඳ විමසීමේ අයිතිය ද සන්නද්ධ හමුදාවට හිමිවී ඇත.

තවද, බන්ධනාගාර ආඥාපනතේ 77 (5) වගන්තියට අනුව පොලිස් නිලධාරියෙකු වෙත පවරා ඇති සියලු බලතල හා අයිතිවාසිකම් ශ්‍රී ලංකා යුද්ධ, නාවික හා ගුවන් හමුදාවේ සියලු නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් හට 24 වන රෙගුලාසිය යටතේ ලබාදී ඇත. url clone | Nike, adidas, Converse & More