22nd April 2019 16:33:28 Hours
නාරහේන්පිට පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද බේකරි ඒකකය වාර්ෂික සිංහල අලුත් අවුරුදු උත්සවය නිමිති කොටගෙන පැවති චාම් උත්සවයකදි විවෘත කරන ලදි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒ.එල් ඉලන්ගකෝන් ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුද්ධ හමුදා භඨ කාර්යය සම්පාදන ආඥාපති මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි සිරිසේන විසින් පීත්ත පටිය කපා නව බේකරිය විවෘත කරන ලදි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ 29 වන සංවත්සරයට සමගාමීව පසුගිය සිකුරාදා (19) දින ආගමික වැඩසටහන් සහ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.
සංවත්සරයට සමගාමීව බෝධි පූජා පිංකම්, පිරිත් සජ්ඣායනා සහ දානමය පිංකම් ඇතුළු සැමරුම් වැඩසටහන් මාලාවක් නාරහේන්පිට පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි. එමෙන්ම සංවත්සර දිනයේ දී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන වෙත සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරීනැමු අතර ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහය සඳහා ද එතුමන් එක්විය.
එමෙන්ම, අලුත් අවුරුද්ද උදාවත් සමඟ අප්‍රේල් 18 වන දින රාජකාරිය සඳහා වාර්ථා කරන යුද්ධ හමුදා සාමාජිකයින් සඳහාද විශේෂ තේපැන් සංග්‍රහයක් පිළිගන්වනු ලැබීය. Best Sneakers | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD