23rd April 2019 08:36:48 Hours
යාපනය අර්ධද්වීපයේ අවතැන් වූ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මූලිකත්වයෙන් පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය ඇතිව තවත් මානූෂීය ව්‍යාපෘතින් කිහිපයක් පසුගියදා දියත් කරන ලදී.මෙම සුභසාධන වැඩසටහනේදී යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ...
මෙම සුභසාධන වැඩසටහනේදී යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් එංගලන්තයේ පදිංචි ධානපති ආචාර්ය වාසුකි හරිහරන් මහතාගේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව යාපනය ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් 9 දෙනෙකුට රෝදපුටු 9 ක් පරිත්‍යාග කරන ලදී. තවද, මෙම උත්සවය අතරතුරදී ආචාර්ය කොකුලෙන්ද්‍රන් මහතා විසින් අපොස උසස් පෙළ විභාගයේ විශීෂ්ට ප්‍රතිඵල ලබාගෙන විශ්වවිද්‍යාල ප්‍රවිශ්ඨ ලැබූ සිසුවියක් වෙත මසකට රුපියල් 5000/= බැගින් මූල්‍යමය ශිෂයත්වයක් ද පිරීනැමීය.
එමෙන්ම, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් හදිසි සැත්කම් සිදුකිරීමට නියමිත රසාලිංගම් මහතාගේ බිරිඳ වෙත රුපියල් 10,000/= ක මූල්‍යමය පරිත්‍යාගයක් මෙහිදි සිදුකළහ. මීට අමතරව, එම අවස්ථාවේ දී රසාලිංගම් මහතාගේ බිරිඳ වන සිවමාල රාසලංගම් මහත්මිය වෙත අත්‍යවශය පෝෂණ ද්‍රව්‍ය අඬංගු වියළි සලාක පාර්සලයක් ද ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රතිලාභින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ. jordan Sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger