Header

Sri Lanka Army

Defender of the Nation

20th April 2019 10:54:37 Hours

බටහිර භටපිරිස් කඩදාසි බෑග් කර්මාන්ත ශාලාවක හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි

පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ කඩදාසි බෑග් කර්මාන්ත ශාලාවක බ්‍රහස්පතින්දා (18) දින උදෑසන හදිසියේ හටගත් ගින්නක් පිළිබඳ සැලවූ වාහාම ක්‍රියාත්මක වූ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ගිනිනිවීමේ භටයින් සමඟ එක්ව කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

හදිසියේ ඇතිවූ ගින්න පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව, 142 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 8 දෙනෙකු සහ 9 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීයෙකු සමඟ සෙසුනිළයින් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානයට ගොස් ගින්න ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා ගිනිනිවීමේ භටයින්ට සහායෝගය ලබාදුන්හ.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති, 14 වන සේනාංකයේ සේනාංකාධිපති, 142 වන බලසේනාවේ බලසේනාධිපති සහ 9 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ගින්න මැඩපැවැත්වීම සඳහා භටපිරිස් යොදවනු ලැබීය. Adidas footwear | Nike