Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2019 23:38:09 Hours

අම්මාන් කෝවිල් පූජාවට සහභගිවූ බැතිමතුන් හට ආහාර ලබාදෙයි

කනකම්බිගායි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික කෝවිල් පූජාව පසුගිය සිකුරාදා (19) දින පැවැති අතර කිලිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් පූජාව පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.

ඒ අනුව, කෝවිල් පූජාව සඳහා සහභාගිවූ බැතිමතුන් හට කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ආහාරපාන වලින් සංග්‍රහ කළහ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පූජෝත්සවය සඳහා සහභාගි වූ හින්දු බැතිමතුන් හට ආහාරපාන වලින් සංග්‍රහ කළහ. මෙම උත්සවයේ අවසන් අදියර දක්වාම සහභාගි වු 1000 කට වඩා අධික බැතිමතුන් සඳහා යුද්ධ හමුදා සත්කාර ලබාදෙන ලදි. Running sport media | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth