Header

Sri Lanka Army

Defender of the Nation

18th April 2019 15:53:05 Hours

අලුත් අවුරුද්දට සමගාමීව ඇස් කණ්නාඩි බෙදාදීමක්

සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවත් සමඟ ආනන්ද විද්‍යාලයේ 82 වන ආදී ශිෂ්‍ය කණ්ඩායමේ කපිල සිල්වා මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර ආරියාලෙයි සහ සන්දිලිප්පි ප්‍රදේශයේදී අඩු ආදායම්ලාභි පවුලවල දෘෂ්‍යාබාධ සහිත සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි 300 ක් බෙදාදෙන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලින් අලුත් අවුරුදු උදාවත් සමඟ අර්ධද්වීපයේ ජනතාවට උපකාර කිරීමේ අරමුණින් මෙම සුවිශේෂී සංචාරය සිදු කරන ලදී.

මෙම ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහන සඳහා කපිල සිල්වා මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ. Asics footwear | Women's Nike Superrep