Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2019 16:21:26 Hours

වට්ටප්පලෙයි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරේ රියදුරු අත්අඩංගුවට

පසුගිය අඟහරුවාදා (16) දින වට්ටප්පලෙයි යුද්ධ හමුදා මුරපොළ තුල සිදුවූ රිය අනතුරකින් එම යුද්ධ හමුදා මුරපොළේ රාජකාරියෙහි නිරතව සිටි යුද්ධ හමුදා සාමාජිකයෙකු ජීවිතක්‍ෂයට පත් වූ අතර අනතුර සිදුකල ලොරි රථයේ රියදුරු මුල්ලියවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019 අප්‍රේල් මස 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මුල්ලියවේලි, කුමාරපුරම් ප්‍රදේශයේ පදිංචි තාවරාසා යෝගේෂ්වරන් නැමති ලොරි රථයේ රියදුරු හට වේගය පාලනය කරගැනීමට නොහැකිව වේගයෙන් ධාවනය වූ ලොරි රථය වට්ටප්පලෙයි හන්දිය අසල පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා මුරපොළෙහි ගැටී සිදුවූ රිය අනතුරෙන් එම මුරපොළෙහි රාජකාරියෙහි නිරතව සිටි යුද්ධ හමුදා සෙබලෙකු ජීවිතක්‍ෂයට පත්වූ අතර තවත් සෙබලෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. Sport media | Nike Off-White