Header

Sri Lanka Army

Defender of the Nation

09th April 2019 18:45:53 Hours

යුද්ධ හමුදා ඉංජිනේරුවන් විසින් නිපදවූ ජංගම වේදිකා යුද්ධ හමුදා භාවිතයට

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව 16 වන ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුගේ උපදෙස් මත යුද්ධ හමුදා උත්සව අවස්ථාවන් සඳහා භාවිතා කිරීමට හැකිවන පරිදි අඩු වියදමක් දරා ජංගම වේදිකා දෙකක් නිපදවන ලදී.

මෙම නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැය වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ලබාදුන් අතර එම ආරක්‍ෂක සේනා මූලස්ථාන විසින් සිදුකරනු ලබන උත්සව අවස්ථාවන් සැලකිල්ලට ගනීමින් මෙම වේදිකාවන් නිෂ්පාදනය කර ඇත.  

නවතමයෙන් නිෂ්පාදනය කරන ලද ජංගම වේදිකාවන් භාරදීමේ උත්සවය ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් එච්.ආර්.කේ. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (08) දින මත්තේගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ දී පැවැත්විණි. මෙම වේදිකාවන් වන්නි සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන නියෝජනය කරමින් සහභාගිවූ නිලධාරීන් වෙත නිල වශයෙන් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානයේ දී භාරදෙන ලදී. Best Nike Sneakers | Nike Shoes