Header

Sri Lanka Army

Defender of the Nation

08th April 2019 10:57:28 Hours

ඉන්දියානු සංඥා උපදේශකවරුන් හට සමරුතිළිණ සහ තරුණ නිලධාරීන් හට සහතිකපත් පිරිනමයි

මහනුවර සංඥා පුහුණු පාසලේ පාඨමාලා අංක - 14 යටතේ සති 12 ක දීර්ඝ කාලීන පාඨමාලාව හැදෑරු නිලධාරීනියක් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් 15 දෙනෙකුගේ විසිරයාමේ සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (05) දින ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් එම පුහුණු පාසලේදී පැවැත්විණි.

එහිදි, ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි විසින් තොරතුරු තාක්‍ෂණය සහ තාක්‍ෂණික සංවර්ධනය පිළිබඳ කෙටි දේශණයක් සිදුකල අතර මහනුවර සංඥා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඉමල් අස්සලආරචිචි විසින් සිදුකල පිළිගැනීමේ කථාවෙන් අනතුරුව, පුහුණුව අවසන් කල නිලධාරීන් වෙත සහතිකපත් පිරීනමන ලදී.

මෙම උත්සවයේ විශේෂ අවස්ථාවක් ලෙස පසුගිය ජනවාරි මස 11 දින සිට අප්‍රේල් 09 දින දක්වා මහනුවර සංඥා පුහුණු පාසලේ පැවැති තොරතුරු තාක්‍ෂණ උපදේශක පාඨමාලාව සාර්ථකව හැදෑරු ඉන්දියානු හමුදා නිලධාරී මේජර් ඇන්ගාඩ් පාල් රුෆ්රා (Major Angad Pal Ruprah) ඇතුළු සෙසුනිලයින් දෙදෙනෙකු වන සුබේදර් සුරේෂ් කුමාර් අනනාමලෙයි (Subedar Sursh Kumar Annamalai) සහ සැරයන් දීපාක් සින්ග් (Havaldar Deepak Singh) වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු තිළිණ ප්‍රදානය කළහ. එම අවස්ථාවේදී සංඥා පුහුණු පාසලේ සේනාවිධායකතුමන්ගේ සේවය ඇගයුමට ලක්කරමින් ඔවුන් විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රධාන සංඥා නිලධාරීතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය පිරීනැමීය. මෙම සමාප්ති උත්සවය සඳහා සහභාගී වූ ප්‍රධාන සංඥා නිලධාරීතුමන් වෙත සංඥා පුහුණු පාසලේ සේනාවිධායකතුමන් විසින් සමරුතිළිණයක් පිරීනැමීය.

අනතුරුව පැවැති තේපැන් සංග්‍රය සඳහා සහභාගි වූ ප්‍රධාන සංඥා නිලධාරීතුමන් පුහුණුව ලැබු නිලධාරීන් සමඟ පුහුණු කාලසීමාව තුළ ඇතිවූ ගැටළු පිළිබඳ විමසමින් සුහද කතාබහක නිරතවිය. ඉන් අනතුරුව, ප්‍රධාන සංඥා නිලධාරීතුමන් පුහුණු පාසලේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් පාඨමාලා සඳහා සහභාගි වූවන්ට එම පුහුණූවීම් සහ එම පාඨමාලාවල ඇති වැදගත්කම පිළිබඳ අවධාරණය කරනු ලැබීය. තවද, දැනුමින් පරිපුර්ණ සර්ව සම්පුර්ණ සංඥා නිලධාරියෙකු බිහි කිරීම උදෙසා පුහුණු පාසලේ සියළුම උපදේශකයින් කැපවීමෙන් සේවය කරන ලෙස ආයාචනය කරන ලදී. මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන සංඥා නිලධාරීතුමන් නික්ම යෑමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි සමරු සටහනක් ද තැබීය. Running sports | adidas Yeezy Boost 350