Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2019 16:43:06 Hours

‘නීරෝගිමත් හමුදාවක් - නීරෝගීමත් ජාතියක්’ ව්‍යාපෘතිය සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ දී

යුද්ධ හමුදා සාමාජිකයින් වකුගඩු ආබාධ, හෘදයාබාධ, දියවැඩියාව, අධික මේදය සහ අධික රුධිර පීඩනය යන රෝගාබාධයන්ට ලක්ව ආබාධිතභාවයට සහ මරණයට පත්වන සංඛ්යාව දිනෙන් දින අධිකවීම හේතුවෙන් එම තත්ත්වයන් අවම කරගැනීමේ පියවරක් ලෙස ‘නීරෝගිමත් හමුදාවක් - නීරෝගීමත් ජාතියක්’ ව්‍යාපෘතියේ තවත් එක් වැඩමුළුවක් සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ දී පසුගිය අඟහරුවාදා (02) දින පැවැත්විණි. 

බෝ නොවන රෝග පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීම සහ ඔවුන් විශ්‍රාමගන්නා තුරු එම සෞඛ්‍ය ගැටළුවලට හේතුවන කරුණු පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් ‘නීරෝගිමත් හමුදාවක් - නීරෝගීමත් ජාතියක්’ ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වනු ලබයි.

මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන උපදේශක වෛද්‍ය බ්රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන ‘මේද දහන යන්ත්රයක් මගින් ඔබේ ශරීරය පාලනය කරන්නේ කෙසේද?’ යන්න පිළිබඳව සහාභාගී වූ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කළහ.

එමෙන්ම, මෙම වැඩමුළුවේ දී උපදේශක වෛද්‍ය ලුතිනන් කර්නල් එම්.ඒ.එස් කුරේ විසින් ‘බෝ වන රෝග සහ බෝ නොවන රෝග’ පිළිබඳ දේශණයක් පැවැත්වූ අතර උපදේශක මනෝ චිකිත්සක රවිමාල් ගලප්පත්ති විසින් ‘අබ්බැහිවීම, ප්‍රතිවිපාක සහ ස්වයං පාලනය’ පිළිබඳ දේශනයක් සහ ලුතිනන් ඒ. සී. කේ උඩුගම විසින් ‘සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් පිළියෙල කරගන්නා ආකාරය’ පිළිබඳ දේශනයක් ද මෙහිදී පවත්වන ලදී.Sport media | Asics Onitsuka Tiger