Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2019 17:43:06 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්‍යක්‍ෂ රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 20 වන අධ්‍යක්‍ෂතුමන් ලෙස ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඒ.ජි.ඩි.එන්. ජයසුන්දර රාජකාරී ආරම්භ කරන ලදී.

ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් බ්‍රිගේඩියර් ඒ.ජි.ඩි.එන්. ජයසුන්දර සිය කාර්යාලයේ දී නව ධූරයේ රාජකාරි භාරගත්හ.

මීට ප්‍රථම, මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්‍යක්‍ෂ ලෙස රාජකාරී කල බ්‍රිගේඩියර් පී.ඒ.ඩි. කහපොළ රෝගාතුර වී හදිසියේ අභාවප්‍රාප්තවීම හේතුවෙන් බ්‍රිගේඩියර් ඒ.ජි.ඩි.එන්. ජයසුන්දර එම ධුරයට පත්විය. Sports Shoes | Sneakers Nike